මියන්මාරයේ පාසලකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්  ළමුන් 11 දෙනෙකු මරුට...

සැප් 21, 2022

    මියන්මාර හමුදාව හෙලිකොප්ටර් යානායක් භාවිතයෙන් ‍‍උතුරු මියන්මාරයේ පාසලකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්  ළමුන් 11 දෙනෙකු මිය ගොස්, 15 දෙනෙකු අතුරුදන් වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් ආයතනය චෝදනා කරනවා.

    මියන්මාර කැරලිකරුවන් සිටින “සගයින්” ප්‍රදේශයේ පාසලකටයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.  මෙම පාසල කැරලිකරුවන් භාවිත කරන බවත්, ඔවුන් ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය එල්ල කළ බවත්, මියන්මාර හමුදා ප්‍රකාශකවරයා පවසනවා.

    Latest News