‍රුසියානු හමුදා භීතියට පත්ව ඇතැයි, යුක්‍රේන ජනාධිපති පවසයි...

සැප් 20, 2022

    ‍රුසියානු හමුදා මේ  වන විට භීතියට පත්ව සිටින බව, යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

    එරට නැගෙනහිර ප්‍රදේශවල යුක්‍රේන හමුදාව සාර්ථක ප්‍රති ප්‍රහාර දියත්  කරමින් සිටීම පිළිබඳව ද යුක්‍රේන නායකයා සිය සතුට පළ කළා. ‍රුසියානු හමුදාව න්‍යෂ්ටික ත්‍රස්තවාදයක නිරතව සිටින බවට ද ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.  රුසියාව ඊයේ, යුක්‍රේනයේ දකුණු දිග ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයකට මිසයිල ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරය  පිළිබඳ අදහස් දක්වමිනුයි, ජනාධිපති  සෙලෙන්ස්කි රුසියාවට චෝදනා කළේ.  කෙසේ වුවද, එම ප්‍රහාරයෙන් බලාගාරයේ කිසිඳු සේවකයෙකුට හානියක් වී නොමැති බවද විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News