වසර 20කට පසු අද විවෘත කෙරෙන රාජකීය සොහොන් ගැබ

සැප් 19, 2022

    අවසන් දේව මෙහෙයෙන් අනතුරුව ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ පිහිටි  ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය තැන්පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වසර 20කට පසු යළි රාජකීය සොහොන් ගැබ මෙලෙස විවෘත කරනු ලැබීම විශේෂත්වයක්.

    දෙවැනි එලි‍සබෙත් රැජිනගේ පියා වන 6 වැනි ජෝර්ජ් රජු සහ මව් රැජිනගේ දේහයන් ද එම රාජකීය සොහොන් ගැබ තුල තැන්පත් කර තිබේ.

    ඒ අනූව එලිසබෙත් මහ රැජිනගේ දේහය ද ඒ අසළින් මිහිදන් කිරීමට නියමිතයි.

    එමෙන්ම, ආරක්ෂිතව තැන්පත් කර ඇති පිලිප් කුමරුගේ දේහය ද දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය සමගින් මිහිදන් කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පළ කරයි.

    Last modified on සදුදා, 19 සැප්තැම්බර් 2022 13:16

    Latest News