චීනයේ බස්රථ අනතුරකින් 27ක් මරුට

සැප් 19, 2022
    චීනයේ නිරිතදිග පළාතේ Guizhou හි  නිරෝධායනය මධ්‍යස්ථානයක් සඳහා රැගෙන යමින් සිටි කොවිඩ් ආසාදිතයන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
    තවත් 20 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධිවේගී මාර්ගයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුර සිදුව තිබේ. 
     
    ඉරිදා අලුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 47 දෙනෙකු බස්රථයේ ගමන් ගෙන ඇත.  මේ වසරේ එරට සිදුවූ මාරක රිය අනතුර මෙය ලෙස ද බලධාරීන් සදහන් කර ඇත. 
     
    අනතුරට හේතුව තවමත් විමර්ශන වෙමින් පවති. 
    Last modified on සදුදා, 19 සැප්තැම්බර් 2022 11:34

    Latest News