යුක්‍රේනය, අමෙරිකාවෙන් ලැබුනු අවි මගින් සාර්ථක ප්‍රතිප්‍රහාර

අගෝ 16, 2022

    යුක්‍රේන හමුදාව, අමෙරිකාව සපයන අවි මගින් සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සමත් වී තිබෙනවා.

    ඔවුන් “හිමාස්” හෙවත් දිගදුර කාලතුවක්කු රොකට් පද්ධති ඵලදායි ලෙස භාවිත කර ඇති බව, ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයින් පවසනවා. පසුගිය සතියේ රුසියාවේ පාලනයට නතු වී තිබූ ක්‍රිමියානු අර්ධද්වීපයේ ගුවන් කඳවුරක් විනාශ කිරීම සහ රුසියානු හමුදාව වෙත විශාල ප්‍රහාර එල්ල කිරීම මගින් යුක්‍රේනය සිය යුධ ශක්තිය විදහා දක්වන බවයි,  විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News