ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර සටන් විරාම ගිවිසුමක්

අගෝ 08, 2022

    ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන්, සටන් විරාම ගිවිසුමකට එළඹ තිබෙනවා. එය, මේ වනවිට ක්‍රියාත්මක වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.



    දෙපාර්ශ්වය අතර පසුගිය දිනවල දින තුනක් පුරා ගැටුම් පැවතුණා. ඉන් අනතුරුවයි, මෙම සටන් විරාම ගිවිසුමට එළඹ ඇත්තේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව, තහවුරු කර තිබෙනවා. පසුගිය වසරේ මැයි මස දින 11 ක් පුරා පැවති ගැටුම්වලින් පසු දෙපාර්ශ්වය අතර ඇතිවූ දරුණුම ගැටුම මෙයයි. පසුගියදා පලස්තීන සටන්කාමීන්, ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ආරම්භ වුණා. 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. මිය ගිය අය අතර පලස්තීන දරුවන් 15 දෙනෙකු සිටින බව, එරට සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉතා සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට, සටන් විරාමය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවයි.

    Latest News