චීනයත්, අමෙරිකාවත් අතර ක‍්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව නැවැත්වීමට චීන බලධාරින් තීරණය කරයි...

අගෝ 06, 2022

    චීනයත්, අමෙරිකාවත් අතර   ප්‍රධාන ක‍්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව නැවැත්වීමට චීන බලධාරින් තීරණය කර තිබෙනවා.

    ඒ මතභේදාත්මක තායිවාන් - චීන අර්බුදය උත්සන්න වීම හේතුවෙන්. අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසිගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත කණ්ඩායම, සිය ආසියානු සංචාරය අතරතුර තායිවානයට පැමිණී‍මත්  සමඟ මෙම අර්බුදය උත්සන්න වුණා. අමෙරිකානු කථානායිකාවගේ සංචාරයෙන් පසුව චීන බලධාරින් විසින් තායිවාන මුහුද ආශ්‍රිතව යුද අභ්‍යයසයක නිරතවනවා.

    එමෙන්ම,   චීන බලධාරින් නැන්සි පෙලෝසි හට සම්බාධක පනවා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර අමෙරිකා එක්සත් ජනපදය සහ චීන ආරක්ෂක කටයුතු පිළිබඳ සහයෝගිතාව මෙන්ම, නීති විරෝධි සංක්‍රමණිකයන් ආපසු ගෙන්වා ගැනීම, දේශගුණික විපාර්යාස හා ජාත්‍යාන්තර අපරාධ විමර්ශනය පිළිබඳව පවතින දෙරටේ සහයෝගිතාව අත්හිටුවීමට චීන බලධාරින් කටයුතු කර තිබෙනවා. ඊයේ, චීන විදේශ අමාත්‍යශය විසින් මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News