ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි වර්ධනයවේ...

අගෝ 06, 2022

    ඊශ්‍රායල පලස්තීන ගැටුම් යලි වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

    ඊ‍ශ්‍රායල ගුවන් හමුදාව විසින් හදුනාගත් ත්‍රස්ත ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගාසා තීරයේ යුද උණුසුමක් හට ගෙන තිබෙනවා. ඊ‍ශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ ප්‍රධාන අණදෙන සටහන් කරුවෙකු මිය ගිය බව ඊශ්‍රායල හමුදා පවසනවා.  ජාතිය අමතමින් ඊශ්‍රායල අගමැති "යයර් ලපෙඩ්" පැවසුවේ තම රටට එල්ල වී ඇති ක්ෂණික තර්ජනයට එරෙහිව නිශ්චිත ත්‍රස්ත විරෝධි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.

    මේ සතියේ අත්අඩංගුවට ගැණුනු, පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයෙකුගෙන් ලැබි ඇති තොරතුරු අනුව ඊශ්‍රායලට ක්ෂණික තර්ජනයක් ඇති බැවින් මෙම යුද මෙහෙයුම තමා අනුගමන කළ බව ඊශ්‍රායල අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.  ඊශ්‍රය හමුදා ප්‍රකාශකවරයෙකු පැවසුවේ ජිහාඩ් සටන්කාමීන් 15 දෙනෙකු ගුවන් ප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති බවට විශ්වාස කරන බවයි.  මේ අතර ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය පැවසුවේ සන්නද්ධ කණ්ඩායම් සටනේ දී එක්සත්ව සිටිමින් නිහඩව නොසිටින බවයි.

    ඊශ්‍රායල මෙහෙයුමට ප්‍රතිචාරයක් ලෙස පලස්තීනයේ ඉස්ලාමීය "ජිහාඩ්" සංවිධානය ඊශ්‍රයලය වෙත රොකට් ප්‍රහාර 100කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.  කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ස්ථාපිත "අයන් ඩොම්" ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් එම රොකට් ගුවනේදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. ගාසා තීරයෙන් රොකට් ප්‍රහාර එල්ලවීමත් සමග ඊශ්‍රායලයේ නගර රැසක "සෛයිරන් නාද" ක්‍රියාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඊශ්‍රායල මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව ගාසා තීරයේ සිටින ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරින් පවසනවා. මිය ගිය අය අතර තරුණියක් ද වන අතර තවත් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News