189කට මරු කැදවමින් යානය කඩා වැටුනේ ඇයි?

ඔක් 30, 2018

    පසුගියදා ඉන්දුනීසියාවේ දී කඩා වැටුණු ගුවන්යානය තාක්‍ෂණික දෝෂ සහිත එකක් බවට වාර්තා පළ වී ඇත. එම අනතුරෙන් පුද්ගලයන් 189 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.

    බොයිං සමාගමෙන් පසුගිය අගෝස්තු මස මිලදී ගනු ලැබූ මෙම නවතම ගුවන් යානය, අනතුරට ලක් වන විට සම්පූර්ණ කර ඇත්තේ ගුවන් පැය 800ක පමණ ප්‍රමාණයකි.

    මෙය බොයිං සමාගම 2016 වසරේ දී හදුන්වාදුන් නවතම ගුවන් යානා මාදිලියකි.

    එය පැදවූ ගුවන් නියමුවන් පැය 11000කට වැඩි ගුවන් අත්දැකීමක් සපිරි පරිණත ගුවන් නියමුවන් බව ලයන් එයාර් සමාගම සදහන් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 11:00

    Latest News