අමෙරිකා හමුදාවෙන් සංක්‍රමණිකයින්ට වැටක්

ඔක් 30, 2018

    අමෙරිකාව බලා ගමන් කරන සංක්‍රමණිකයින් පිරිස එරට ඇතුළුවීම වැළැක්වීම සඳහා හමුදාව යෙදවීමට අමෙරිකාව තීරණය කර තිබේ. පෙන්ටගනය සදහන් කරන්නේ 5,000කට වැඩි හමුදාවක් ඒ සදහා යොදවන බවයි.

    අමෙරිකා – මෙක්සිකෝ දේශසීමාව හරහා මෙම හමුදාව යෙදෙවනු ඇති.

    මධ්‍යම අමෙරිකානු සරණාගතයින් පිරිස අමෙරිකාවට ඇතුළු වීමට උත්සාහ කළහොත් එය වැළැක්වීම සදහා මෙම හමුදා අදාළ පියවර ගනු ලැබේ.

    මේ වන විටත් 2000කට අධික ජාතික ආරක්‍ෂක භට පිරිසක් දේශසීමාවට කිලෝමීටර් 1600ක් පමණ ඈතින් සිටී. ඔවුන් වැළැක්වීම සදහා මේ සතිය අගවන විට ගිනිඅවි, හෙළිකොප්ටර්, ගුවන් යානා, මාර්ග බාධක සහ තියුණු කටු කම්බි සහිතව මෙම භට පිරිස් දේශසීමාව පුරා යෙදවනු ඇති.

    Latest News