ඉන්දියාවේ නායයාම්වලින් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළට...

ජූලි 03, 2022

    ඉන්දියාවේ ඊශාන දිග ප්‍රදේශයේ පසුගිය සතියේ සිදුවූ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    අතුරුදන්වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ දුම්රිය පොළක ගොඩනැගිල්ලක් ඉදි කෙරෙන ස්ථානයේ මෙම නායයාම සිදුව තිබෙනවා. අඛණ්ඩව ඇද හැලෙන වාර්ෂාපතනය නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

    මෙහෙයුම් සඳහා නිලධාරීන් 250කට අධික පිරිසක් යොදවා තිබෙනවා. මෙහෙයුම් අතරතුර සොල්දාදුවන් 13ක් හා සිවිල් වැසියන් පස් දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිවී ඇති අතර මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. ඇසෑම්, මනිපූර්, ත්‍රිපුර යන ප්‍රාන්තවලට මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට 200කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව වාර්තාවනවා.

    Latest News