මනිපූර් ප්‍රාන්තයේ නායයෑමක්

ජූනි 30, 2022

    ඉන්දියාවේ, මනිපූර් ප්‍රාන්තයේ නායයෑමක් සිදුව තිබෙනවා.

    ඉන් පුද්ගලයෙකු මියගොස්, පිරිසක් අතුරුදන් වී ඇති බවයි, එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මනිපූර්හි, නෝනේ දිස්ත්‍රික්කයේ මෙම නායයෑම සිදු වුණා. මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි, බලධාරීන් පවසන්නේ.

    අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ප්‍රදේශයේ දුම්රිය පොළක ඉදිකිරීම් කරමින් තිබූ ප්‍රදේශයකයි, නායයෑම සිදුව ඇත්තේ. ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වැසි නායයාමට හේතු වී තිබෙනවා. ප්‍රදේශයේ පවතින අවදානම් තත්වය නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා. ඉන්දීය යුද හමුදාව ද සහන මෙහෙයුම් සඳහා සම්බන්ධ වී සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News