ජපාන, ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වය අද (29)....

ජූනි 29, 2022

    ජපාන, ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වය අද (29) වාර්තා වුණා.

    ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය, සෙල්සියස් අංශක 40සීමාව ඉක්මවා තිබුණා. ටෝකියෝ නගරයේ උෂ්ණත්වය, සෙල්සියස් අංශක 35 ඉක්මවා තිබූ අතර, එය අඛණ්ඩව අද (29) පැවැතියේ පස්වැනි දිනටයි. එරට උෂ්ණත්ව වාර්තා තබා ගැනීම ආරම්භ කළ දා සිට, එනම් 1875 වර්ෂයේ සිට ටෝකියෝ නගරයෙන් වාර්තා වූ ඉහළතම අගය ද මෙයයි. උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් බලශක්ති අර්බුදයක් උද්ගතවනු ඇතැයි, බලධාරින් සැක පළකරනවා. වායු සමීකරණ පරිහරණය වැඩි වශයෙන් සිදුකිරීම ඊට හේතුවයි. එරට න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය වැඩිකරන ලෙස බලධාරීන් අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

    Latest News