අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දරුවන් 19ක් සහ වැඩිහිටියන් 02ක් මරුට... SKY News

අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දරුවන් 19ක් සහ වැඩිහිටියන් 02ක් මරුට...

මැයි 25, 2022

    අමෙරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 21දෙනෙකු මියගොස් තිබෙනවා.

    කුඩා දරුවන් 19දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු එම පිරිසට ඇතුළත්. 18 හැවිරිදි තරුණයෙක් වෙඩි තැබීම සිදුකර තිබෙනවා. පොලිස් වෙඩි පහරින් ඔහු ද මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ. අදාළ පුද්ගලයා පිස්තෝලයක්, AR15 වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් සහ අධි ධාරිතාවෙන් යුත් මැගසින්වලින් සන්නද්ධව සිටි බව පොලිසිය පවසනවා.

    ඔහු මීට පෙර සිය මිත්තණියට ද වෙඩි තැබීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා. වෙඩික්කරු ද උවාල්ඩේ නගරයේම උසස් පාසලක අධ්‍යාපනය හදාරමින් සිටි අයෙකු බව විදෙස් වාර්තාවල සඳහන්. මෙම සිදුවීම අතිශය සංකීර්ණ ස්වභාවයක් පෙන්නුම කරන බවත්, ඒ පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කරන බවත්, ටෙක්සාස් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා. වෙඩි තැබීමට හේතුව හෙළි වී නොමැති අතර ඔහු තනිව ප්‍රහාරය සිදුකර ඇති බවටයි වාර්තා වී ඇත්තේ.

    Latest News