නයිජීරියාවේ වෙඩි තැබීමකින් ගොවීන් 12ක් මරුට... PREMIUM Times

නයිජීරියාවේ වෙඩි තැබීමකින් ගොවීන් 12ක් මරුට...

මැයි 25, 2022

    උතුරු නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ සන්නද්ධ කල්ලියක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ගොවීන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

    ප්‍රදේශවාසීන් පවසන්නේ එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ කොල්ලකරුවන්ගෙන් සමන්විත මෙම සන්නද්ධ කල්ලිය කට්සිනා ප්‍රාන්තයේ ගම්මානයකට කඩා වැදී වැඩකරමින් සිටි ගොවීන් දෙසට වෙඩි තැබූ බවයි. ඇතැම් ප්‍රදේශවල නිවාසවලට ද ගිනි තබා තිබෙනවා. ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරින් මාධ්‍යයට පවසා ඇත්තේ, යතුරුපැදිවලින් පැමිණි මෙම සන්නද්ධ කල්ලිය, ඉවක් බවක් නොමැතිව පුද්ගලයන්ට වෙඩි තැබූ බවයි. ප්‍රදේශයේ ආරක්ෂාවට මේ වන විට නයිජීරියානු හමුදාව යොදවා ඇති බවයි, එරට බලධාරින් පවසන්නේ.

    Latest News