තම රට සහ රුසියාව අඛණ්ඩව සැබෑ බහුපාර්ශ්විකවාදය ආරක්ෂා කරන බව චීනය කියයි

මැයි 25, 2022

    චීනය සහ රුසියාව අඛණ්ඩව ලෝක බහු ධ්‍රැවීකරණය සහ ජාත්‍යන්තර සබඳතාවන්හි ප්‍රජාතාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කරන බව චීනය කියාසිටී.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් ලෙසත්, BRICS, ෂැංහයි සහයෝගිතා සංවිධානය හා G20 වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන්හි වැදගත් සාමාජිකයන් ලෙසත්, චීනය සහ රුසියාව බහුපාර්ශ්විකවාදය සුරැකීමට කැප වන බව, හෙතෙම එහිදී කියාසිටියේය.

    දෙරටම ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ අධිපතිවාදී භාවිතයන් සහ කඳවුරු ගැටුමට එරෙහි වන බව ද වෙන්බින් මහතා පැවසීය‍.

    Latest News