ගුවන් ප්‍රහාරයකින් යේමනයේ බන්ධනාගාරයක 70ක් මරුට

ජන 22, 2022

    සෞදි අරාබිය,යේමනයේ බන්ධනාගාරයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 70 දෙනෙකු මියගොස් තිබේ. යේමනය පවසන්නේ, මියගිය පිරිස තවත් වැඩි විය හැකි බවයි.

    සෞදි ප්‍රහාරයට පෙර යේමනයේ හවුති කැරළිකරුවන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් තිදෙනෙකු මිය ගියේය.

    ඊට ප්‍රතිප්‍රහාර ලෙස සෞදි අරාබිය, යේමනයට මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ. 2015 සිට හවුති කැරළිකරුවන්ගේ සහය ලබන යේමනය සහ සෞදි රජය අතර විටින් විට ගැටුම් පවතියි. එම ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් විශාල පිරිසකට උන්හිටිතැන් අහිමි විය.

    සෞදි අරාබිය ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයාම, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගු‍ටරේස් දැඩි ලෙස හෙල දැක තිබේ. එමෙන්ම සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවයි, මහ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.

    Latest News