සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර සිදුවූ ප්‍රහාරයකින් 8ක් මරුට

නොවැ 25, 2021

    සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර සිදුවූ ප්‍රහාරයකින් 8ක් මියගොස් තිබෙනවා.

    ප්‍රහාරය සිදුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක රථ පෙළක් ඉලක්ක කර ගනිමින්.

    ප්‍රහාරයෙන් තවත් 17ක් බරපතල තුවාල ලබා තිබෙනවා. ඒ අතර පාසල් සිසුන් ද සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්. මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් තිබෙනවා. අල්ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම බාරගනු ලැබුවා.

    බෝම්බ ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක් ද සිදුවු බවයි, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වුවද තුවාල ලැබූ සහ මියගිය පිරිස අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සිටී ද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

    එම සංවිධානය ද මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි, වාර්තා වන්නේ. ඉකුත් මාස කිහිපය පුරා සෝමාලියාව තුළ අල්ෂබාබ් ත්‍රස්ත ක්‍රියා ඉහළ ගෝ ඇති බව, එරට බලධාරීන් පවසනවා.

    Latest News