ඉතියෝපියාව යුදමය තත්වයක අබියසට.....

නොවැ 24, 2021

    ඉතියෝපියාව යුදමය තත්වයක අබියසට පැමිණ තිබෙනවා.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, එරට අගමැති අබි අහමඩ්, පුද්ගලිකවම යුදබිමට පිවිසීමට තීරණය කර ඇති බවයි. ටිග්රේ හමුදාවට එරෙහිව සටන් කරන බව අගමැතිවරයා ඊයේ සවස නිවේදනය කළා. ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ, ජිවිත පරිත්‍යාගයෙන් රට මුදා ගැනීමේ කාලය එළඹ ඇති බවයි.

    අගමැතිවරයාගේ නික්මයාමෙන් පුරප්පාඩු වන ධූරයේ රාජකාරි නියෝජ්‍ය අගමැති ඩිමේකේ මෙකොනෙන් බාර ගැනීමට නියමිත බව වාර්තා වනවා. ටිග්රේ හමුදාව අඩිස් අබාබා අගනුවර අත්පත් කර ගැනීමට සූදානමින් සිටින බව විදෙස් වාර්තාවල සඳහන්.

    මේ වනවිට එරට කලාප කිහිපයක පාලන බලය නතුකර ගැනීමට එම ත්‍රස්ත කණ්ඩායමට හැකිවී තිබෙනවා. ඉකුත් වසරේ මාර්තු මස සිට අගමැති අබේ ටිග්රේ සටන්කාමීන්ට එරෙහිව දරුණු ගැටුම් ක්‍රියාත්මක කළ අතර, එහිදී දහස් සංඛ්‍යාත පිරිසක් ජිවිතක්‍ෂයට පත්වුණා.

    ඉදිරියේදී එරට මානුෂිය ඛේදවාචකය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි ගෝලීය සංවිධාන පෙන්වා දෙන්නේ.

    Latest News