"එක් තීරයක් එක් මාවතක්" වසර 8 සපුරයි

නොවැ 24, 2021

    වසර 2013 ඇරඹුණු "එක් තීරයක් එක් මාවතක්" වැඩසටහන, දැනට රටවල් 140ක් සහ ජාත්‍යන්තර සංවිධාන 32ක් සමග ක්‍රියාවට නැංවීමට චීනය සමත්ව තිබේ.

    එසේම, ද්විපාර්ශ්වික සහයෝගිතා යාන්ත්‍රණ 90කට වැඩි සංඛ්‍යාවක්ද දියත්කර ඇත. ලෝක බැංකු ඇගැයීමට අනුව, 2030 වනවිට මෙම වැඩසටහන ලොව පුරා මිලියන 7.6ක ජනතාවකට අන්ත දරිද්‍රතාවයෙන් මිදීමටත්, මිලියන 32 ක ජනතාවකට මධ්‍යස්ථ දරිද්‍රතාවයෙන් මිදීමටත් උපකාරීවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.


    ඉකුත් 19 වැනිදා බෙයිජිං නුවර පැවති, තුන්වැනි "එක් තීරයක් එක් මාවතක්" ඉදිකිරීම් සංසදයට එක් වූ චීන ජනාධිපති ෂි ජින් පීං මහතා පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙළ, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වන මනා වේදිකාවක් සකසා ඇති බවයි. රටවල් රැසකට සැබෑ සමෘද්ධිය අත්පත් කර ගැනීමේ සංවර්ධන මාවත ඉන් විවර කරනු ලැබ ඇතැයිද ඔහු කියා සිටියේය.


    මේ පිළිබඳව අදහස් දක්වන, ප්‍රංශයේ Schiller (ශිලර්) පර්යේෂණ ආයතනයේ පර්යේෂකයෙකු මෙන්ම ජාත්‍යන්තර ගැටළු පිළිබඳ විශේෂඥයකු වන සෙබස්තියන් පෙරිමනි මහතා පවසන්නේ, ‘ එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ මගින් අන්තර් ජාතික සහයෝගිතා ක්‍රමය නව පරිවර්තනයකට ලක්ව ඇති බවයි. එය ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා, නව දිශානතියක් පෙන්නුම් කර ඇතැයිද ඔහු කියා සිටී.


    ජකර්තා- බැංඩුං අධිවේගී දුම්රිය මාර්ගය, චීන- ලාඕස දුම්රිය මාර්ගය, චීන- පකිස්තාන ආර්ථික කොරිඩෝව, මෙරට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය සහ වරාය නගර ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන වැඩසටහන් රැසක්"එක් තීරයක් එක් මාවතක්" යටතේ ලොවපුරා ක්‍රියාත්මක වෙයි.

    Latest News