යුරෝපා රටවල විරෝධතා හේතුවෙන් කොරෝනා පැතිර යාමේ අවදානමක්

නොවැ 24, 2021

    ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ග්‍රීසිය වැනි බොහෝ යුරෝපා රටවල මේ වන විට ඇතිව තිබෙන ජනතා විරෝධතා හේතුවෙන් කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාමේ අවදානමක්ද මතුව තිබෙනවා.

    රටවල් මගින් වෛරසය මැඩපැවැත්වීම උදෙසා පනවා ඇති සීමා කිරීම් හා එන්නත්කරණය අනිවාර්ය කිරීම නිසා මෙම උද්ඝෝෂකයන් සිය විරෝධතාව පළ කර සිටිනවා. ඒ සමඟ ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. එහි නරක ප්‍රතිඵල මාර්තු මාසය වන විට ලැබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ. දැනට වාර්තා වී ඇති සමස්ත යුරෝපා රටවල කොරෝනා මරණ සංඛ්‍යාවට අමතරව තවත් හත් ලක්ෂයක නව මරණ බලාපොරොත්තු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

    Latest News