බල්ගේරියාවේ බස් අනතුරින් 46ක් මරුට...

නොවැ 23, 2021

    නැගෙනහිර යුරෝපා රාජ්‍යයක් වන බල්ගේරියාවේ අද සිදුවූ බස් රථ අනතුරකින් 46 දෙනෙකු මියගියා.

    ඔවුන් අතුරින් 12 දෙනෙකු කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ. අනතුරට ලක්වූයේ සංචාරකයන් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක්. එය, තුර්කියේ ස්තාන්බූල් නුවර සිට බල්ගේරියාවේ අසල්වැසි රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාව බලා ධාවනය කරමින් තිබු ණා.

    අද අලුයම් කාලයේ බස් රථය බටහිර බල්ගේරියාවේ අධිවේගී මාර්ගයකදී අනතුරකට ලක්වුණා. අනතුරත් සමග බස් රථය ගිනිගෙන විනාශ වී තිබෙනවා. දැඩි පිලිස්සුම් තුවාල ලැබුවද 7 දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්වුණා. අනතුරට හේතුව මේ දක්වා හෙලිවී නැහැ.

    Last modified on අඟහරුවාදා, 23 නොවැම්බර් 2021 20:19

    Latest News