"ගුවාඩලෝප්" විරෝධතා තවදුරටත්...

නොවැ 23, 2021

    ප්‍රංශ කොලනියක් වන "ගුවාඩලෝප්" හි කොරෝනා මර්දන වැඩපිළිවෙලට එරෙහිව පැනනැගුණු ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

    ප්‍රංශ රජය විසින් පනවන ලද සෞඛ්‍ය බලපත්‍ර නීති, සෞඛ්‍ය සේවකයින් සඳහා අනිවාර්ය එන්නත්කරණය ඇතුළු නව සීමාවලට එරෙහිව වෘත්තීය සමිති, වැඩවර්ජනයක් ද කැඳවා ඇති බවයි, වාර්තා වන්නේ.

    ලක්ෂ 4 ක පමණ ජනගහනයක් වෙසෙන"ගුවාඩලෝප්" ප්‍රංශ කොලනියේ ඇඳිරිනීතිය කඩකරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවූවන් 38 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සාප්පු සංකීර්ණ, වෙළඳසැල් මෙන්ම ඖෂධසල් කොල්ලකෑම් ද තවදුරටත් ඉහළ ගොසින්. නොසන්සුන්කාරී වාතාවරණය මැඩපැවැත්වීම සඳහා ප්‍රංශ කමාන්ඩෝ භටයින් සහ අමතර පොලිස් නිලධාරින් 200 දෙනෙකු යොදවා සිටින බවයි වාර්තා වන්නේ.

    Latest News