චීනයේ ජල ගැල්මෙන් විසි ලක්‍ෂයකට ආසන්න පිරිසක් අවතැන්....

ඔක් 11, 2021

    චීනයේ හටගත් මහා ජල ගැල්මෙන් විසි ලක්‍ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී සිටිනවා.

    ගංවතුර තර්ජනය වඩාත් දරුණු ලෙස බලපා ඇත්තේ, උතුරු දිග ෂාන්සි පළාතටයි. ඉකුත් සතිය පුරා ෂාන්සි ප්‍රාන්තය හා ඒ අවට කලාපයට මහ වැසි ඇද හැළුණා. තවදුරටත් වැසි සහිත කාලගුණික තත්වයේ බලපෑම පහව ගොස් නැති බවයි, කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ. ෂාන්සි ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 07කට අධික සංඛ්‍යාවකට ජල ගැල්ම බලපා තිබෙනවා.

    ජිවිත හානි පිළිබඳව මේ දක්වා වාර්තා වී නැහැ. කෙසේ වෙතත් නායයෑම් රැසක් ද හටගෙන ඇති බවයි, වාර්තා වන්නේ. ඉකුත් ජූලි මාසයේ හෙනාන් පළාතේ හටගත් ජල ගැල්මෙන් 300කට අධික පිරිසක් මිය ගියා.

    Latest News