ෆයිසර් එන්නතෙන් දරුවන්ට ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක්...

සැප් 23, 2021

    කොරෝනා මර්දන ෆයිසර් එන්නත මගින් වයස අවුරුදු 5 සිට 11 දක්වා වූ වයස් කාණ්ඩයට අයත් දරුවන් තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් ඇතිකරන බව අමෙරිකාවේ ෆයිසර් සමාගම නිවේදනය කරනවා.

    එන්නත දරුවන් සඳහා වඩාත් ආරක්ෂිත බවට සිට සායනික අත්හදාබැලීම් වලින් තහවුරු වූ බවයි, එම සමාගම පෙන්වා දෙන්නේ. මේ වන විටත් ලොව පුරා රටවල ෆයිසර් එන්නත වයස අවරුදු 12 ට වැඩි ළමුන් සඳහා මෙන්ම වැඩිහිටි ප්‍රජාව සඳහා ද ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් ෆයිසර් සමාගම වැඩිදුරටත් පවසන්නේ තරුණ ප්‍රජාවට සිය එන්නත මගින් ලබාදෙන ආරක්ෂාව තවදුරටත් පුළුල් කිරීමටද අපේක්ෂා කරන බවයි.

    Latest News