කොරෝනා නව ප්‍රභේද වඩා වේගයෙන් පැතිර යයි...

සැප් 23, 2021

    කොරෝනා වෛරස නව ප්‍රභේද වඩා වේගයෙන් වාතය මගින් පැතිර යා හැකි බව, අමෙරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පාසල විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

    ඒ අනුව වෛරසය අසාදිත රෝගීන් නිසිලෙස මුව ආවරණ පැළඳීම මගින් අවට වාතය තුළ පවතින වෛරසය අඩංගු අංශු ප්‍රමාණය 50% කින් අවම කළ හැකි බවයි, පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.  ඇල්ෆා ප්‍රභේදය ආසාදිත රෝගීන්, මුල් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට වඩා 43 ගුණයේ සිට සිය ගුණයක් දක්වා වෛරසය වාතයට මුදාහරින බව, මේරිලන්ඩ් පර්යේෂකයින් පවසනවා.

    ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ, ඇල්ෆා ප්‍රභේදය ආසාදිත රෝගීන්ගේ නාසය තුළ හා ඛේට ග්‍රන්ථිවල වෛරසය බහුලව පැවතීමයි. ඩෙල්ටා ප්‍රභේදය ද අනෙකුත් ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිර යන බව, ඔවුන් සඳහන් කරනවා. එබැවින් විකෘතීන් සමග වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කෙරෝනා මර්දන එන්නත්කරණයට අමතරව නිසිලෙස මුව ආවරණ අඛණ්ඩව පැළිඳිය යුතු බවයි, ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. යහපත් වාතාශ්‍රයක් පවත්වාගෙන යාමද මෙහිදී අත්‍යවශ්‍යවන බව, පර්යේෂකයින් පෙන්වා දෙනවා.

    Latest News