බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා...

සැප් 22, 2021

    බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍ය මාර්සොලෝ කෙරෝ‍ගා ට කොරෝනා වෛරසය අසාදනය වී තිබේ.

    ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ, එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරතුරයි. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගැනීමට පෙර බ්‍රසීලයේ ජනාධිපති ජෙයා බො‍ල්සොනාරෝ හා එක්ව එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් සහ එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට එක්ව ඇත.

    එම සාකච්ඡාවේදී දෙරටේ රාජ්‍ය නායකයින් මුව ආවරණ නොපැළඳ සිටි බවට වාර්තා වී ඇත. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වූ සෑම සාකච්ඡාවකදීම මුව ආවරණ පැළඳ සිටි බවට වාර්තා වී ඇති අතර, ඔහු දැනටමත් නිරෝධායන සඳහා යොමුකර තිබේ. . බ්‍රසීලය එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය සඳහා සහභාගීවීම මේ වන වට අත්හිටුවා ඇති බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    Latest News