අමෙරිකාව, සංචාරක සීමා ළිහිල් කරයි...

සැප් 21, 2021

    අමෙරිකාව, සිය සංචාරක සීමා ළිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති විදේශ සංචාරකයින්ට ලබන නොවැම්බර් මස සිට අමෙරිකාවට පැමිණීමට අවසර හිමිවනු ඇති. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය වසරේ මුල් භාගයේ සිට සංචාරකයින්ට අමෙරිකාවට පැමිණීමේදී දැඩි සීමා පනවා තිබුණි. කෙසේ වෙතත්, විදේශ සංචාර සඳහා පැවති දැඩි නීති ලිහිල් කරන මෙන් යුරෝපා රටවල් කළ ඉල්ලීම් සලකා බලමින්, නව තීරණයට එළඹුණු බවයි, අමෙරිකානු බලධාරින් පවසන්නේ.

    අමෙරිකාව තුළ කොරෝනා වසංගත ව්‍යාප්තියේ යම් අඩුවක් පෙන්නුම් කළ ද ඉකුත් පැය 24 තුළදීත් ආසාදිතයින් 86,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇත. කෙසේ වුවද, පසුගිය සතියට වඩා මේ සතිය තුළදී ආසාදිතයන් වාර්තාවීම අඩු බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43,100,000 අධිකයි. 694,000 කට වැඩි පිරිසක් වෛරසයෙන් මියගොස් ඇත.

    Latest News