ඊශ්‍රායල නෞකාවකට ප්‍රහාරයක්

ජූලි 31, 2021

    ඕමානයට අයත් මුහුදු කලාපයේ දී ඊශ්‍රායල නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊශ්‍රායලය චෝදනා කරන්නේ ඊට ඉරානය සම්බන්ධ බවයි.

    ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු කියා සිටින්නේ, ඉරානය තම රටට පමණක් නොව කලාපයටම තර්ජනයක් වී ඇති බවයි. ඉරානයේ මෙම ක්‍රියාව හෙළා දැකීමට සියලු රටවල් එක්විය යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.

    ඊශ්‍රායල බුද්ධි අංශ පවසන්නේ, ඉරානය ඩ්‍රෝන යානා යොදා ගනිමින් බොහේ අවස්ථාවල තම යානාවලට ප්‍රහාර එල්ල කර ඇති බවයි.

    ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් මෙම ප්‍රහාරවලට මුහුණ දීමට සිදුව ඇති බව ටෙහෙරානය කේන්ද්‍ර කරගත් අලාම් ටීවී අරාබි රූපවාහිනිය නිවේදනය කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 11:45

    Latest News