ලාබාලතම ශිෂ්‍යයෙක් සමග 'නිව් ෂෙපර්ට්' අද ගුවනට

ජූලි 20, 2021

    ගෝලීය අභ්‍යවකාශ සංචාරක තරගය තව තවත් තීව්‍ර කරමින් අද දින තවත් අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

    ඇමෙසොන් සමාගමේ නිර්මාතෘ සහ ලොව ධනවත්ම පුද්ගලයා වන ව්‍යාපාරික ජෙෆ් බේසොස්ගේ අභ්‍යවකාශ සමාගම වන බ්ලූ ඔරිජින් සමාගම එය එළිදැක්වීමට නියමිතයි.


    අද දින අභ්‍යවකාශ ගත වන රොකට් යානය නම් කර ඇත්තේ, නිව් ෂෙපර්ට් නමින්. මෙම සංචාරයට ජෙෆ් බේසොස්ගේ සහෝදරයා වන මාර්ක් බෝසෙස්,අභ්‍යවකාශ විශේෂඥයෙකු වන 82 හැවිරිදි වොළී ෆන්ක් සහ 18 හැවිරිදි ශිෂ්‍යෙයක් එම ගමනට එක්ව වෙයි.

    අභ්‍යවකාශයට ගමන් කරන ලාබාලතම පුද්ගලයා වශයේන ඔහු අද වාර්තා අතරට එක්වනු ඇති. රොකට්ටුවක් ආධාරයෙන් ගමන් ආරම්භ කරන මෙම යානය අඩි දෙලක්ෂ 50,000ක් ඉහළට ගමන් කර රොකට්ටුවෙන් ඉවත් වී ඉහළට ගමන් කරනු ඇති. ඉන් අනතුරුව යානය පෘතුවි පෘෂ්ථයේ සිට කිලෝමීටර 106ක් එනම් අඩි තුන් ලක්ෂ 50,000ක් ඉහළට ගමන් කිරිමට නියමිතයි.

    අදට දින 9කට පෙර ද කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචට් බ්‍රැන්සන් ඔහුගේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කළේය.

    Last modified on අඟහරුවාදා, 20 ජූලි 2021 11:25

    Latest News