ද.අප්‍රිකාවේ මවක් එකවර දරුවන් 10ක් බිහි කරයි

ජූනි 10, 2021

    දකුණු අප්‍රිකානු මවක් එකවර දරුවන් 10 දෙනෙක් බිහි කර තිබේ. වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාව ලෙසයි,එය සැලකෙන්නේ.

    ගොසියාම් තමාරා සිතෝල් නමැති 37 හැවිරිදි කාන්තාව විසින් මෙම දරුවන් දස දෙනා බිහි කර තිබේ. පිරිමි දරුවන් හත්දෙනෙකු හා ගැහැණු දරුවන් තිදෙනෙක් මෙලෙස උපත ලබා තිබේ.
    ඇය මීට පෙර ද නිවුන් දරු උපතකට උරුමකම් පෑවා ය. එම දැරියන් දැන් 6 හැවිරිදි වියේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මීට පෙර බිළිඳුන් 09 දෙනෙකු බිහි කළ මාලි රාජ්‍යයේ හලීමා සිසී නමැති කාන්තාව මීට පෙර වැඩිම දරු උපත් සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් පෑවාය.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජූනි 2021 11:26

    Latest News