මැලේසියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට

ජූනි 09, 2021

    මැලේසියාවේ සක්‍රිය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.

    දැඩි සත්කාර ඒකකවල ධාරිතාව උපරිම තලයට පැමිණ ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය බලධාරින් ජනතාවට අවධාරණය කර ඇත්තේ රට තුළ වසංගත තත්වය තීරණාත්මක කාල සීමාවක පවතින බැවින්, ඒ පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

    ඉකුත් පැය 24 තුළ මැලේසියාවෙන් කොරෝනා නව ආසාදිතයන් 6239ක් වාර්තා වී ඇති අතර, එම කාලසීමාවේ කොරෝනා මරණ 75ක් සිදුව තිබේ.

    Latest News