අමෙරිකාව සහ මෙක්සිකෝව අතර සබඳතා යහපත් අතට

ජූනි 09, 2021

    අමෙරිකාව සහ මෙක්සිකෝව අතර සබඳතා නව යුගයකට එළඹ ඇති බව, අමෙරිකානු උප ජනපති කමලා හැරිස් පවසනවා.

    මෙක්සිකො ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇය මේ බව කියා සිටියා. මෙක්සිකොවේ සිට දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් පිරිසක් අමෙරිකාවට පැමිණීම දැඩි ගැටලුවක් වී තිබෙනවා. මේ පිළිබඳ දෙරටේ නායකයන් අතර සාකච්ඡා කෙරුණු බව විදෙස් වාර්තාවල සඳහන්. මෙහි දී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කෙරුණා.

    Latest News