"2020-ටෝකියෝ ඔලිම්පික්" උළෙලට ජනතා විරෝධය

මැයි 14, 2021

    ජපානයේ ටෝකියෝ නුවර මේ වසරේ පැවැත්වීමට නියමිත "2020-ටෝකියෝ ඔලිම්පික්" උළෙල සම්බන්ධයෙන් එරට ජනතාවගේ විරෝධය එල්ල වී තිබේ.

    ජුලි 23 ආරම්භ කිරීමට නියමිත ඔලිම්පික් උළෙලට විරෝධය දක්වමින් තුන් ලක්‍ෂ 50,000කට අධික පිරිසක් පෙත්සම් අත්සන් කර ඇති බව වාර්තාවේ. කොරෝනා වසංගතය හමුවේ ඔලිම්පික් උළෙල පැවැත්වීම අවදානම් බව, එරට ජනතාව පවසයි.

    තරගාවලිය සඳහා පෙර පුහුණුවීම්වලට පැමිණෙන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්හට නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධව ජනතාව තුළ යම් නොසන්සුන් බවක් හටගෙන තිබේ. ඔලිම්පික් උළෙල සඳහා එරට සත්කාරක නගර 500කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති අතර, එම නගරවල බහුතර ජනතාව ක්‍රීඩා උළෙල සම්බන්ධව තම අකමැත්ත ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News