ඉන්දියාවේ මාරාන්තික වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්

මැයි 14, 2021

    දැඩි බලපෑම් සහගත වෛරස ප්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියාවේ වාර්තා වන කොරෝනා බී.1.617.2 ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ පැතිරයාමේ අවධානමක් මතුව තිබේ.

    අවශ්‍ය උවහොත්, නැවත සීමා කිරීම් පැනවීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ඉන්දියාවේ දැනට වාර්තා වී ඇති ප්‍රභේදය වඩා මාරාන්තික හා වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව පවතින වෛරස කාණ්ඩයක් බව හඳුනාගෙන තිබේ.

    නව ප්‍රභේදය ඉන්දියාව තුළින් ප්‍රථම වරට හඳුනා ගැණුනු අතර එය පසුව බ්‍රිතාන්‍ය තුළින් වාර්තා වීමත් සමග වසංගතයේ අවදානම ඉහළ ගොස් තිබේ. පසුගිය සතිය තුළ ඉන්දියානු නව ප්‍රභේදය ආසාදනය වූ බ්‍රිතාන්‍ය ආසාදිතයන් සංඛ්‍යාව, මෙම සතියේ දී දෙගුණයක් වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    නව සෞඛ්‍ය වාර්තාවන් සමග ඉදිරියේ දී ගතයුතු පියවර පිළිබඳ බ්‍රිතාන්‍ය රජය අවධානයෙන් පසු වන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 12:51

    Latest News