අද (13) වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 58,000ක්......

මැයි 13, 2021

    ගෝලීය වශයෙන් කොරෝනා ආසාදනය වූ පිරිස අද වනවිට 16 කෝටි දස ලක්‍ෂය ඉක්මවා තිබේ.

    දැනට වැඩිම ආසාදිතයන් වාර්තාවී ඇත්තේ අමෙරිකාවෙන්. තුන්කෝටි 35 ලක්‍ෂය ඉක්මවූ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවයට පසු දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රට වී ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි.

    ඉන්දියාවෙන් මේ වනවිට දෙකෝටි 37 ලක්‍ෂයකට වැඩි කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තාවේ. ගතවූ පැය 24 තුළදී පමණක් එරටින් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 62,000ක්.

    සෞඛ්‍ය පහසුකම් හා ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම මෙන්ම රෝගීන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන් ඉන්දියාවේ දෛනිකව වාර්තාවන මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබේ. සතියකට වැඩි කාලයක් තිස්සේ දෛනිකව ඉන්දියාව තුළ පුද්ගලයන් 4000කට අධික සංඛ්‍යාවක් මියයමින් පවතී.

    නව වාර්තාවලට අනුව අද වනවිට ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 58,000ක් පමණවේ.

    Latest News