කළු ජාතිකයාගේ ඝාතන සිද්ධියට මිනිආපොලිස්‌ පොලිස්‌ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අප්‍රේ 14, 2021

    මිනිආපොලිස්‌ නගරයේ කළු ජාතික තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හේතුවෙන්‌ නගරයේ පොලිස්‌ ප්‍රධානියා සිය ධුරයෙන්‌ ඉල්ලා අස්වී තිබෙනවා.

    ඒ, දින දෙකක්‌ පුරා පවතින දැවැන්ත විරෝධතා අතරතුරයි.

    ඩොන්ටේ රයිට්ගේ මරණයෙන්‌ දින දෙකකට පසුවයි, පොලිස් ප්‍රධානී ටිම්‌ ගැනන්‌ සහ නිලධාරී කිම්‌ පොටර්‌ ධුරවලින්‌ ඉල්ලා අස්වුණේ. කළු ජාතිකයා මිය යාමේ සිද්ධිය අත්වැරදීමකින්‌ සිදු වූ බවටයි, ප්‍රධානියා ඊයේ ප්‍රකාශ කළේ. විදුලිසැර වදින අවිය වෙනුවට අත්වැරදීමකින්‌ ගිනි අවිය භාවිතා වීමෙන්‌ මරණය සිදුව තිබෙනවා. ප්‍රදේශයේ පවතින විරෝධතා තවදුරටත්‌ උත්සන්න වෙමින්‌ පවතින බව, විදෙස්‌ වාර්තාවල සඳහන්‌.

    Latest News