අමෙරිකාවේ තවත් කළු ජාතිකයෙකු පොලිස් මැදිහත් වීමෙන් මිය යයි

අප්‍රේ 13, 2021

    අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්නයේ කළු ජාතික ශිෂ්‍යයෙකු පොලිස් වෙඩි පහරින්‌ මියයාමන්‌ සමග දැඩි ජනතා විරෝධයක්‌ හටගෙන තිබෙනවා.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, පසුගිය වසරේ පොලිස්‌ ප්‍රචණ්ඩත්වය නිසා මියගිය ජෝර්ජ්‌ ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙමින්‌ තිබෙන මොහොතකයි.

    සිද්ධිය හටගත්තේ මිනසෝටා ප්‍රාන්තරයේ බෘක්ලින්‌ සෙන්ටර් නමැති නගරයේදී. මේ වන විට එහි පොලිස්‌ ඇඳිරිනීනිය ක්‍රියාත්මකයි. එහෙත්‌, විරෝධතාකරුවන්‌ ඇඳිරිනීනිය නොතකා ප්‍රචණ්ඩකාරී ලෙස හැසරෙන බවයි වාර්තා වන්නේ. ඊයේ සිදුවූ පොලිස්‌ වෙඩි තැබීමෙන්‌ මියගියේ දාන්තේ රයිට්‌ නමැති 20 හැවිරිදි කළු ජාතික තරුණයෙක්‌. මාර්ග නීනි උල්ලංඝණය කිරීමක්‌ සම්බන්ධයෙන්‌ පොලිස්‌ නිලධාරීන්‌ සමග ඇතිවූ බහින්බස්වීමකින්‌ පසු එක්‌ නිලධාරියෙක්‌ දාන්තේට වෙඩි තැබුවා. එය අත්වැරදීමකින්‌ සිදුවු බවයි මිනසෝටා පොලිස්‌ ප්‍රධානියා ප්‍රකාශ කරන්‌නේ. සැකකරුවන්‌ අඩපන කරන ටිසර්‌ නමැති විදුලි අවිය වෙනුවට පොලිස්‌ නිලධාරියා වැරදීමකින්‌ තමාගේ පිස්තෝලය පාවිච්චි කර ඇති බවයි පොලීසිය පැවසුවේ. කළු ජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තවමත්‌ අමෙරිකාවේ පවතින බව ක්‍රියාකාරීන්‌ ප්‍රකාශ කරනවා.

    Latest News