චීන ජනාධිපති, මිනිසා සහ සොබාදහම අතර සහජීවනයේ වැදගත්කම අවධාරණය කරයි

අප්‍රේ 06, 2021

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයේ තරුණ සිසු සිසුවියන්  සමග රුක් රෝපණ වැඩසටහනකට එක් වෙයි.

    මිනිසා සහ සොබාදහම අතර සහජීවනය සහිත සුන්දර නිජබිමක් ගොඩනැගීමට උත්සාහ කරන ලෙස  හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

    චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බෙයිජිංහි චොයෑං දිස්ත්‍රික්කයේ රුක් රෝපණ වැඩසටහනට සහභාගී වෙමින් සිටියදී ය.

    කුඩා කල සිටම වෙහෙස මහන්සි වී වැඩ කරමින් හා වෙහෙස මහන්සි වී අධ්‍යයනය ලබමින්, ශක්තිමත් ශරීරයකින් හා මනසකින් රටේ සංවර්ධනයට දායක වීමට සූදානම්ව සිටින ලෙස හෙතෙම එහි පැමිණ සිටි තරුණ සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

    චීනය රට පුරා ආරම්භ කළ ගස් සිටුවීමේ ව්‍යාපාරයට 2021 දී, වසර 40ක් සම්පූර්ණ කෙරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා, රට හරිතකරණයට  ලක් කිරීමට සහ එහි වන සම්පත් පුළුල් කිරීමට උදව් කළ සියලු ජනවාර්ගික කණ්ඩායම්වල දායකත්වය අගය කළේය.

    පරිසරයට මුල් තැන දීම සහ හරිත සංවර්ධනය සඳහා චීනය සිය කැපවීම තුළ ස්ථිරව සිටිය යුතුය. සුන්දර චීනයක් ගොඩනැගීම සඳහා සෑම දෙනාගේම උත්සාහය අවශ්‍ය බව අවධාරණය කළ හෙතෙම, සුන්දර චීනයක් ගොඩනැගීම යනු මව්බිමේ මහා ගංගා සහ කඳුකරයේ සෞඛ්‍යය මෙන්ම චීන ජනතාවගේ පරම්පරාවේ සෞඛ්‍යය ද සහතික කිරීම බව සඳහන් කළේය.

    වාර්තාව - මෝතිලාල් හිස්ඇල්ල (චීනයේ බෙයිජිං නුවර සිට) 

    rBABCmBoStKAKUQpAAAAAAAAAAA

    rBABCWBoSsCAYwNzAAAAAAAAAAA

    Last modified on අඟහරුවාදා, 06 අප්‍රේල් 2021 12:17

    Latest News