රටවල් 14ක් කොවිඩ් මූලාරම්භ වාර්තාව ගැන අප්‍රසාදය

මාර් 31, 2021

    ලොව රටවල් 14ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරස‍යේ මූලාරම්භය පිළිබඳ නව වාර්තාව කෙරෙහි සිය අප්‍රසාදය පළකර තිබේ.

    වාර්තාව ඉතා ප්‍රමාද බවත් වෛරසයේ මූලාරම්භය පිළිබඳ දත්ත සඳහා පූර්ණ ප්‍රවේශයක් එහි අන්තර්ගත නොවන බවත් එම රටවල අදහසයි.

    අමෙරිකාව,ඔස්ට්‍රේලියාව,කැනඩාව,චෙක්ජනරජය,ඩෙන්මාර්කය,එස්ටෝනියාව,ඊශ්‍රායලය,ජපානය,ලැට්වියා,ලිතුඒනියා,නෝර්වේ,දකුණු කොරියාව,ස්ලෝවේනියාව සහ බ්‍රිතාන්‍ය එම රටවල් වෙයි.

    වෛරසය මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දෙන බව, එම රටවල් ප්‍රකාශ කළ ද එහි මූලාරම්භය සම්බන්ධයෙන් ඊයේ නිකුත් කළ වාර්තාව පරිපූර්ණ නොවන බවයි, එම රටවල් පවසන්නේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් 17 දෙනෙක් සති 4ක කාලයක්,චිනයේ සංචාරයක් සිදු කර එක්රැස් කළ දත්ත අනූව වෛරසයේ මූලාරම්භය පිළිබඳ වාර්තාව සකස් කෙරිණ.

    Last modified on බදාදා, 31 මාර්තු 2021 10:55

    Latest News