අමෙරිකාවේ සීතලෙන් 08ක් මරුට

ජන 31, 2019

    අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක පවතින තද සීතල හේතුවෙන් අට දෙනෙකු මියගොස් ඇත.

    මිලියන 90ක අමෙරිකානුවන් මේ වනවිට ජීවත් වන්නේ සෙල්සියස් අංශක සෘණ 17කට අඩු උෂ්ණත්වයකයි. අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයක අධික සීතල සමඟ තද සීතල සුළං තත්වයක් ද මතුවී තිබේ. චිකාගෝහි ඊයේ වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30කි. උතුරු දකෝටා හි එය සෘණ 37 දක්වා පහළ බැස තිබේ.

    එම උෂ්ණත්වය වාර්තා වන්නේ සීතල ඇන්ටාක්ටිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයට ද වඩා පහළ මට්ටමකයි. කඳුකර ප්‍රදේශවලට තද වැසි සමඟ හිම පතනය ද සිදුවේ. ප්‍රාන්ත කිහිපයක පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමුණු අතර, අවලංගු කෙරුණු ගුවන් ගමන් සංඛ්‍යාව ද දෙදහසකට ආසන්නවේ.

    Latest News