මධුරෝ අමෙරිකානට අනතුරු අඟවයි

ජන 31, 2019

    වෙනිසියුලාවට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයට එළැඹීමෙන් වැළකී සිටින්නැයි, ජනාධිපති නිකොලස් මධුරෝ අමෙරිකාවට අනතුරු අඟවයි.

    එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවයි, ජනාධිපතිවරයා කියා සිටින්නේ.

    ඕනෑම ආක්‍රමනයක් වියට්නාම යුද්ධයට සමාන ව්‍යයසනයක් ලෙස පෙරළා අමෙරිකාවට බලපෑම් ඇති කරන බව, ජනාධිපති නිකොලස් මධුරෝ පෙන්වා දෙයි. වෙනිසියුලානු නායක සෘජු පණිවුඩයක් මගින් අමෙරිකානු ජනතාවට මේ බව කියා සිටී.

    කොලොම්බියානු රජය සහ මාෆියා කණ්ඩායම් යොදා ගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව ද ජනාධිපති මධුරෝ චෝදනා කරයි. සෙසු ඕනෑම රටක් මෙන්ම, වෙනිසියුලාව ද ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටී. පිටස්තර මැදිහත්වීමකින් තොරව තම ප්‍රශ්න වෙනිසියුලාවට විසඳා ගත හැකි බවයි, ජනාධිපති මධුරෝ කියා සිටින්නේ.

     

    Latest News