ජෝ බයිඩන් හා ජස්ටින් ටෘඩෝ පළමු සාකච්ජාව

පෙබ 24, 2021

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ‍ටෘඩෝ අතර පළමු ද්විපාර්ශවික සාකච්ජාව ඊයේ පැවැත්විණ.

    හමුව පැවැත්වුණේ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජෝ බයිඩන් විදේශ නායකයෙකු සමග කළ පළමු ද්විපාර්ශවික සාකච්ජාව මෙයයි.

    මෙහිදී දේශගුණික විපර්යාස හා කැනඩා - චීන රාජතාන්ත්‍රික ගැටලු පිළිබඳ දෙරටේ නායකයන්ගේ දැඩි අවධානය යොමු විය. වසර 2050 වන විට කාබන් විමෝචන ශූන්‍ය කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ධූරයට පත් වූ පසු සංචාරය කරන පළමු රටවල් කිහිපයක අතරට කැනඩාව ද එක්ව තිබිණ.

    නමුත්, ගෝලීය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එම සැලසුම් වෙනස් වී ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වුවද ඊයේ පැවති සාකච්ජාවල දී දෙරටේ නායකයින්, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා අවස්ථාවක් ලබා දී නැති අතර එය අසාමාන්‍ය තත්වයක් බවයි විදෙස් විත්ති විශ්ලේෂකයන් පවසන්නේ.

    Last modified on බදාදා, 24 පෙබරවාරි 2021 11:25

    Latest News