නිකලස් මදුරෝට සහය

ජන 25, 2019

    බලය අත්හැර යන්නේ නම්, පොදු සමාවක් ලබාදෙන බවට, අමෙරිකාවේ සහය ලබන වෙනිසියුලානු විපක්‍ෂ නායකවරයා එරට ජනාධිපතිවරයාට දැනුම් දෙනවා.

    මේ අතර, වෙනිසියුලාවේ ආරක්‍ෂක හමුදාව ප්‍රකාශ කරන්නේ, ජනාධිපතිවරයාට සහය දක්වන බවයි. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වන වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය වඩාත් උග්‍රවී තිබේ. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ලතින් අමෙරිකානු රටවල් 11ක් ප්‍රකාශ කරන්නේ, තමන් විපක්‍ෂ නායක ජුආන් ගුඅයිඩෝ ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බවයි.

    එහෙත් රුසියාව හා චීනය ප්‍රමුඛ රටවල් ගණනාවක් වත්මන් ජනාධිපති නිකලස් මදුරෝට සහය දක්වයි.

    Latest News