පැය 24ක් තුළ විධායක බලතල ක්‍රියාවට නැංවූ ජෝ බයිඩන්

ජන 21, 2021

    පදවි ප්‍රාප්තියෙන් පැය 24ක් තුළ ජනාධිපති විධායක නියෝග වැඩිම සංඛ්‍යාවක් බලාත්මක කළ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් වාර්තා අතරට ඒක්ව සිටී.

    මේ අතර, බලයෙන් ඉවත්ව ගිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ, කුමන හෝ ක්‍රමයකින් තමා යළි දේශපාලන කරළියට පැමිණෙන බවයි.

    ජෝ බයිඩන් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමේ උත්සවය වොෂිංටනයේ කැපිටල්හිල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා වෙනදා මෙන් උත්කර්ෂවත් ආකාරයෙන් ඒය සිදු නොවීය.

    ඒමෙන්ම, ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන් ඒල්ලවිය හැකි ප්‍රචණ්ඩකාරීත්වය වැළැක්වීම සඳහා වොෂින්ටනයේ දහ දහසකට අධික ආරක්ෂක භට පිරිසක් යොදවා තිබිණ.

    ඇතැම් මාධ්‍ය වාර්තා කළේ, උත්සවයේ අමුත්තන්ට වඩා සිටියේ හමුදා භටයන් බවයි. දිවුැරුම්දීමේ උළෙල පැවැත්වුණේ චාම්, ඒහෙත් ගාම්භීර උත්සවයක් ලෙසින්.

    හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු හා ඒරට මුල් පෙළේ දේශපාලනඥයන් හා කලාකරුවන් ද දිවුරුම්දීමේ උළෙලට ඒක්වූහ. ඒහිදී අමෙරිකානු ජාතික ගීය ගායනා කළේ, සුප්‍රකට බටහිර ගායිකා ලේඩි ගාගා විසින්.

    ප්‍රථමයෙන් කමලා හැරිස් උප ජනාධිපති ලෙස දුම්රුම් දුන්නාය. ඇය, ඒරට උප ජනාධිපති පදවියට පත් ප්‍රථම කාන්තාව මෙන්ම, ප්‍රථම ආසියානු අප්‍රිකානු සම්භවයක් සහිත කාන්තාව ද වේ.

    අනතුරුව ජෝ බයිඩන් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ, අමෙරිකාවේ අගවිනිසුරු ජෝන් ජී රොබට්ස් ඉදිරියේ.

    දිවුරුම් දීමේ උත්සවයේ දී 22 හැවිරිදි කළු ජාතික කිවිඳියක වන අමන්දා ගෝමන් ඉදිරිපත් කළ පද්‍යයෙන් සංකේතවත් වූයේ බෙදී ගිය අමෙරිකානු ජන ප්‍රජාව යළි ඒක්සත් කරමින් නැගී සිටීමේ අවශ්‍යතාවයි.

    දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය ඇමතූ ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙය අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා බලාපොරොත්තුවේ දිනය බවයි. මෙය ජනතාවගේ අභිලාශයන් තහවුරු කරන මොහොත බවත්, නව අභියෝග හමුවේ අමෙරිකාවේ නැගී සිටීම සංකේතවත් කරන බවත් ඔහු පැවසීය.

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සවයට සහභාගි නොවීම කැපී පෙනෙන මෙන්ම, ‌‌‌‌ෙඒතිහාසික සිද්ධියක් විය. ඒහෙත්, උප ජනාධිපති මයික් පෙන්ස් ට්‍රම්ප්ගේ විරෝධය නොතකා උත්සවයට ඒක්ව සිටියේය. ඒපමණක් නොව, නව උප ජනාධිපතිනිය වන කමලා හැරිස් සහ ඇගේ සැමියා කැපිටල්හිල් ගොඩනැගිල්ලෙන් පිටතට කැඳවාගෙන යාමට මයික් පෙන්ස් හා ඔහුගේ භාර්යාව ඒක්වූයේ අමෙරිකාවට අවශ්‍ය දේශපාලන සංහිඳියාව සංකේතවත් කරමින්.

    Latest News