ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව ගුවන්ගත කෙරේ (වීඩියෝ)

ජන 25, 2019

    ඉන්දියාව ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබේ. එය නිර්මාණය කරනු ලැබ ඇත්තේ එරට පාසල් ශිෂ්‍යයන් පිරිසක් වීම විශේෂත්වයකි.

    "කලම්සැට් V-2" නැමැති සැහැල්ලුතම චන්ද්‍රිකාව ගුවන්ගත කෙරුණේ, ශ්‍රී හරිකෝටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි. ඊයේ (24) අභ්‍යාවකාශ ගත කළ එම චන්ද්‍රිකවේ බර කිලෝ ග්‍රෑම් 1.26ක්. චෙන්නායි කේන්ද්‍රකරගත් අභ්‍යවකාශ අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් විසින් මෙය නිර්මාණයක කර ඇත. එය නිර්මණය කිරීමට දින 6ක් පමණක් ගත වී ඇති අතර, වැය වී ඇති මුදල ඉන්දීය රුපියල් මිලියන 1.2 කි. ඉන්දියානු අභ්‍යාව පර්යේෂණ සංවිධානය (ISRO) මේ සඳහා කිසිදු මුදලක් මේ සඳහා අය කොට නොමැති වීමද විශේෂතිවයකි.

    අනාගතයේ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් වීමේ බලාපොරොත්තුවෙන් සිටින සියලුම පාසල් සිසුන් මෙමගින් දිරිමත් වනු ඇති බව ඉන්දියානු අභ්‍යාව පර්යේෂණ සංවිධානය පවසයි.

     

     

     

     

    Latest News