ප්‍රියංකා නිලවශයෙන් දේශපාලනයට

ජන 24, 2019

    ප්‍රියංකා ගාන්ධි නිල වශයෙන් දේශපාලනයට සම්බන්ධ වී තිබෙනවා.

    ඇය, ඉන්දියාවේ හිටපු අගමැති රවී ගාන්ධිගේ සහ කොන්ග්‍රස් පක්ෂ හිටපු නායිකා සෝනිමා ගාන්ධිගේ දියණියයි.  ඉන්දීය මහමැතිවරණයට ආසන්න අවස්ථාවකදී, ඇය දේශපාලනයට එක්වීම සුවිශේෂී බවයි, දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ.  ප්‍රියංකා ගාන්ධි කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධියේ සොහොයුරියයි.  ඉන්දියාවේ උත්තරී ප්‍රදේශ් ප්‍රාන්තයේ කොන්ග්‍රස් පක්ෂ ලේකම්වරිය ලෙස ඇය පත් කර තිබෙනවා. 

    පෙර පැවති මැතිවරණවල දී ඇය සිය මව සහ සොයුරා වෙනුවෙන් බොහෝ රාජකාරී ඉටු කළා.  එහෙත්, ඇය දේශපාලන නිලතල දැරීම ප්‍රතික්ෂේ කර තිබෙනවා.  ප්‍රියංකා ගාන්ධියේ පැමිණීම කොන්ග්‍රස් පක්ෂයට නව ජවයක් එක්කරනු ඇති බවයි.  දේශපාලන විශ්ලේශකයින් සඳහන් කරන්නේ. 

    2014 වසරේ පැවති මහමැතිවරණයේ දී ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂයේ දරුණු ලෙස පරාජයට පත්වුණා.  කොන්ග්‍රස් පක්ෂය පසුගිය ප්‍රාන්ත මැතිවරණයේ දී සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමට සමත්වූවත්, භාරතීය ජනතා පක්ෂය පරදා බලයට පත්වීම අභියෝගයක්ව පවතින බව විශ්ලේශකයන් සඳහන් කරනවා.  

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජනවාරි 2019 10:42

    Latest News