ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය වෙනස් කෙරේ

ජන 01, 2021

    ඔස්ට්‍රේලියාව, සිය ජාතික ගීය වෙනස් කර තිබේ. එහි එක් පේලියක වෙනසක් සිදු කරන බවයි,අගමැති බොරිස් ජොන්සන් අද සඳහන් කළේ.

    ඔස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කළ යුතු බවට දශක ගණනාවක් මත වාදයක් ගොඩනැගී තිබිණ. එහි එක් තැනක දී කියවෙන තරුණ රාජ්‍යයක් යන්න කියවෙන නිසා එය වෙනස් කළ යුතු බවයි, බොහෝ දෙනාගේ මතය වී තිබුණේ.

    ඔස්ට්‍රේලියාව,බ්‍රිතාන්‍යයේ යටත්විජිතයට නතු වීමට පෙර වසර 50,000ක පමණ ස්වදේශික ජනයාගේ ඉතිහාසයක් පැවතීම ඊට හේතුවයි.

    එම නිසා එම කොටස ඉවත් කර ඒ වෙනුවට එකමුතුව නිදහසේ යන අරුත් ගැන්වෙන ආකාරයට ඔස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කර තිබේ.

    Last modified on සිකුරාදා, 01 ජනවාරි 2021 11:00

    Latest News