ගෝලීය කොරෝනා තතු

ජන 01, 2021

    ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට අට කෝටි 38 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 18 ලක්ෂ 25,000කට අධිකයි. පන්කෝටි 93 ලක්ෂයක පිරිසක් සුවය ලබා ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ. වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ ආසාදිත සංඛ්‍යාව දෙකෝටි හාර ලක්ෂය ඉක්මවා තිබේ.

    අමෙරිකාවේ මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 54,000කට අධිකයි. ඊයේ දිනයේ අමෙරිකාවෙන් දෙලක්ෂ 28,000කට අධික රෝගීන් පිරිසක් වාර්තා වී ඇති අතර,වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,400කට අධිකයි. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි දෙලක්ෂ 86,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන්දියාවේ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 49,000ක්. ලොව තෙවනුවට රෝගීන් වාර්තා වන බ්‍රසීලයේ ආසාදිත සංඛ්‍යාව මේ වන විට 76 ලක්ෂ 75,000 දක්වා ඉහළ ගොස් තිබේ.

    බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 95,000කට ආසන්නයි.

    Last modified on සිකුරාදා, 01 ජනවාරි 2021 10:53

    Latest News