චීනයේ ආනයන හා අපනයන වෙළඳ අදායම සියයට 1.8කින් ඉහළට

දෙසැ 08, 2020

    මේ වසරේ ගෙවුණු මාස 11 තුළ චීනයේ විදේශ වෙළඳ ආනයන හා අපනයන ප්‍රමාණය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 1.8කින් ඉහළ යයි.

    චීන රේගු මහ පරිපාලනය අද (7) නිකුත් කළ සංඛ්‍යාලේඛනයට අනුව මේ වසරේ ගෙවීගිය මාස 11 තුළ චීන භාණ්ඩ ගනුදෙනු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 29කට වැඩිය.

    එය අඛණ්ඩව යහපත් වීමේ සංවර්ධන ප්‍රවණතාවක පවතී.

    ආසියාන් සංගමය චීනයේ විශාලතම වෙළඳ හවුල්කාරී ස්ථානය වී තිබේ.

    ගෙවී ගිය මාස 11 තුළ චීනය හා ආසියාන් සංගමය අතර සිදුවූ සමස්ත වෙළඳ ගනුදෙනු වටිනාකම යුවාන් ට්‍රිලියන 4.24කි.

    එය චීනයේ විදේශ වෙළඳාමෙන් සියයට 14.6ක ප්‍රමාණයකි.

    එය පසුගිය වසරේ පැවති අගයට වඩා සියයට 6.7ක වර්ධනයකි.

    එමෙන්ම චීනය හා යුරෝපා සංගමය, අමරිකාව, ජපානය අතර වූ වෙළඳ ගනුදෙනු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් සියයට 4.7කින්, 6.9කින් හා 1.4කින් වර්ධනය වී ඇත.

    Latest News